ads by google

Home Page

Chat Room

Wednesday, May 25, 2011

කේට්ගේ ගලට ගුරුගේ හා නිමල් ගැටෙති


රාජකීය මංගල්‍යයේදී විලියම් කුමරු විසින් කේට් මිඞ්ල්ටන්ට පළන්දන ලද මුදුවේ ඇති නිල් මැණික ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.
මැණික් ව්‍යාපාරිකයකු වන නිමල් පතිරණ මහතා පවසා ඇත්තේ එම නිල් මැණික තමන් විසින් 1981 වර්ෂයේදී ශ‍්‍රී ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය රැුජිණ වෙත ප‍්‍රදානය කළ එකක් බවය.


වසර 1981 දී එළිසබෙත් රැජිණ දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙරට මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් විසින් මැණික් ප‍්‍රදර්ශනයක් පැවැත් වූ බවත්, එම ප‍්‍රදර්ශනයේදී රැජින විසින් එක් මැණිකක් තෝරා ගත් බවත්, නිමල් මහතා සඳහන් කර ඇත.

පසුව එවකට හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි තමන් එම මැණික රැජිනට පරිත්‍යාග කළ බවත් නිමල් පතිරණ මහතා පවසා තිබේ.

අදාළ මැණික රැජිනට ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් එංගලන්තයේ රජ ගෙදරින් ස්තූතිය පළ කිරීමේ ලිපියක්ද තමන්ට ලැබුණු බවත් ඔහු සඳහන් කර ඇත.

මේ අතර, මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ජේ. ගුරුගේ මහතා පවසා ඇත්තේ මේ මැණික තමාගේ මූලිකත්වයෙන් තවත් මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේද දායකත්වය ඇතිව රැජිනට පිරිනැමූ එකක් බවය.

ඔහු පවසන්නේ, පැල්මඩුල්ලේ පැවති උත්සවයකදී ලලිත් ඇතුළත් මුදලි මහතා තමන්ව ජේ.ආර්. ජයවර්ධන මහතා වෙත කැඳවාගෙන ගිය බවත්, එහිදී රැජිණට ප‍්‍රදානය කිරීම සඳහා මැණික් ගලක් සොයා දෙන්නැයි ජයවර්ධන මහතා තමන්ගෙන් ඉල්ලූ බවත්ය.

එම ඉල්ලීම තනිවම බාර නොගෙන මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් සමග එක්ව සිදු කිරීමට තමන් කැමැත්ත පළ කළ බව පවසන ගුරුගේ මහතා ඒ අනුව අදාළ මැණික් ප‍්‍රදර්ශනය සංවිධානය කළ බවය.

ඊට කහවත්තේ ගුරුගේ, බේරුවල නලීම් හජ්ජියාර්, නිමල් පතිරණ, අන්සාර් ජාබීර් ඇතුළු මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් සහභාගි වූ බවද ඔහු අනාවරණය කර ඇත.

ත්‍මම ප‍්‍රදර්ශනයේදී රැජින විසින් මැණික් ගලක් තෝරාගත් බවත්, පසුව ජනාධිපති ජේ.ආර්.ගේ ඉල්ලීම මත මැණික් ව්‍යාපාරිකයින් සියලූ දෙනාගේ වියදමින් එය රැජිනට පරිත්‍යාග කළ බවත්ය.

Copyright © www.srilankamirror.com

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...